ගංගා
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |

ගඟ හෙවත් ඔය යනු තවත් ගඟකට, හොයකට, විලකට හෝ සයුරකට ගලාබසින විශාල ස්‍වභාවික ජල දහරෙකි.
ගංගාවක් නිර්මාණය වීම
[සංස්කරණය]ගඟක් බිහි වීම කවදා කෙ සේ සිදු විණි දැ යි ස්ථිර වැ මැ පැවැසියැ නොහැකි යි. මුල් කල්හි ගඟක් ලෙස හැඳින්වුණේ නිශ්චිත ඉවුරු ඇති ගලා යන විශාල ජල කඳෙකි. මීට වසර මිලියන ගණනකට ඉහත මහ පොළොව නිමැවුණු සමයේ එය උණු වූ ගිනි බෝලයක් වැ තිබිණි. එ මැ අවධියේ දිගු කලක් පැවැති මහ වැසි ඒ මතට ඇදැහැළුණු නිසා එය සිසිල් වී පහත් තැන් පිරී මුහුදු ඇති විය. පොළොවේ උස් තැන්වලැ සිටැ මුහුදු දක්වා මහ ජල දහරා දඟර ගැසෙමින් ගලා ගියේ යි. කල් ගත වෙත් මැ මේ ජලය ගැලූ මාර්ගවල ගැඹුරත් පළලත් වැඩී ගමන් මඟෙහි ද වෙනස්කම් සිදු විණි.
දැන් බෝහෝ ගංගා ඇරැඹෙන්නේ වනාන්තර සහිත කඳුවලිනි. එ ම පෙදෙස්වලට අන් පෙදෙස්වලට වඩා වැස්ස වැඩි ය. මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනීමෙන් ඇති වන උල්පත්වලැ ජලයත් එක්වී සෑදෙන කුඩා ජල දහරා අතරමඟැ දී තව තවත් ජලය ලැබී පිළිවෙලින් ඇළ, දොළ, හොය, නදී, ගංගා, සහ මහා ගංගා බවට පත්වේ.
කඳු මුදුන්වල රැඳුණු හිම තට්ටු උණු වූ විට ඒ ජලය ද එ සේ ජල දහරා සේ ගලා බැස ගංගා තනයි. විශාල ග්ලැසියර (Glaciers) හෙවත් හිම තට්ටු කඳුවලැ ඉහළ සිට පහළට රූටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංගා බවට පත්වේ.
මේ කවර මුලාශ්‍රයකින් ඇරැඹුණත් ගඟක ආරම්භක ප්‍රදේශය පටු යි. නොගැඹුරු යි. ජලය ගලන්නේ ද සෙමිනි. එය ඉදිරියට ගලත් මැ තවත් ජල දහරා එක් වී ජලය වැඩි වෙයි. එ මෙන් මැ එහි ගමන ද වේගවත් වේ. එහි දී පස හෑරී සේදී යෑම නිසා එහි ගැඹුරත් පළලත් වැඩි වේ. ගඟ මුහුදට ගලා බසින තැනට ළං වන්නට එහි වේගයත් ගැඹුරත් අඩු වේ. ඊට හේතුව ගං පතුලේ විශාල වශයෙන් පස් තැන්පත් වී ගඟ ගොඩ වීමයි. ඇතැම් අවස්ථාවල දී ගඟ අතු (ශාඛා) කිහිපයකට බෙදී මුහුදට වැටෙයි.

අමතර අවධානයට
[සංස්කරණය]- කලාව, විනෝදාස්වාදය, සහ මාධ්‍යය
- "Old Man River"
- The Riverkeepers (book)
- සාමාන්‍ය
- තරණය කිරීම
- ගෝචරස්ථාන
- ලැයිස්තු
- ප්‍රවාහනය
මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Jeffrey W. Jacobs. "Rivers, Major World". Rivers, Major World – dam, sea, effects, important, largest, salt, types, system, source. Water Encyclopaedia.
- Luna B. Leopold (1994). A View of the River. Harvard University Press. ISBN 978-0-674-93732-1. OCLC 28889034. – a non-technical primer on the geomorphology and hydraulics of water.
- Middleton, Nick (2012). Rivers: a very short introduction. New York: Oxford University Press. ISBN 978-0-19-958867-1.