AI Art | AI චිත්‍ර කලාව [සිංහල]
AI චිත්‍ර කලාවේ මේ දේවල් ඔයා දන්නවද? අද කතා කරන්න යන්නේ AI චිත්‍ර කලාව ගැනයි. දැනට මා දන්නා සියලුම දේවල් මෙහිදී කතා කරන්න බලාපොරොතු වෙනවා. මුලු ලිපියම කියවයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහස්, චෝදනා, අද්දැකීම් 💬 comment කරන්න. © ️මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය ලේඛකයා සතුවේ.
📗 මොකක්ද මේ AI කියන්නේ?
AI කියන්නේ artificial intelligent එහෙමත් නැත්නම් කෘතිම බුද්ධි කියන එක. වෙනත් ආකාරයෙන් කියනවා නම් පරිගණක වෙත බුද්ධිය ලබාදීමයි. (ඒ පිළිබද වැඩිදුර දේවල් ඕනේ නම් 💬 comment කරන්න.)
📙මොකක්ද මේ AI catagory එක?
මේ AI catagory එකට කියන්නේ text to image generate catagory එක කියලා. මේකෙදි natural language understanding එකයි image generating එකයි දෙකේ එකතුවක් විදියට යන්නේ.
📕 මොකක්ද මේ AI චිත්‍ර කලාව කියන්නේ?
AI චිත්‍ර කලාව කියන්නේ AI පරිගණක වැඩසටහනකට වචන මගින් පැහැදිලි කිරීමක් සිදු කර එයට අනුව චිත්‍රය ස්වයංක්‍රීයව නිර්මාණය කර ගැනීමයි.
📘 AI චිත්‍ර කලාව සදහා දැනට තියන AI පරිගණක වැඩසටහන් මොනවද?
👉 MidJourney (දැනට තියන ජනප්‍රියම එක)
👉 Stable Diffusion
👉 Dall E
👉 NightCafe
මේ තියෙන්නේ කිහිපයක්. තව ඉදිරියට අලුත් හිතා ගන්න බැරි ඒවත් එවි.
දැන් අපි කතා කරමු දැනට ජනප්‍රියම AI චිත්‍ර කලාව සදහා ඇති AI පරිගණක වැඩසටහනක් වන MidJourney ගැන.
📙 MidJourney
😍 අන්තර්ගතය:
👉 කොහොමද MidJourney වැඩසටහනට යන්නේ?
👉 කොහොමද MidJourney එකෙන් AI චිත්‍ර ඇදගන්නේ?
👉 AI චිත්‍ර වල ගුණාත්මක භාවය වැඩි කරන්නේ කොහොමද?
👉 ප්‍රශ්න සහ පිළිතුරු
👉 උදාහරණ AI චිත්‍ර (keywords සමග)
— පරිසරය සම්බන්ද AI චිත්‍ර
— Marketing සදහා AI චිත්‍ර (Social Media Marketing)
— පුද්ගලයන් සම්බන්ද AI චිත්‍ර
— වෙනත් AI චිත්‍ර
MidJourney එක ගැන කතා කරන්න කලින් එකේ විස්තර ගන්න පුළුවන් ටිකක් සදහන් කරන්නම්.
- MidJourney වෙබ් අඩවිය — https://midjourney.com/
- MidJourney පිළිබද ලේඛන — https://midjourney.gitbook.io/docs/
ඒ වගේම තව පොඩි දෙයක් කියන්න ඕනේ Facebook group එකට කැමති නම් සම්බන්ද වෙන්න. ඔයාගේ අලුත් AI චිත්‍ර එකේ පල කරන්න.
AI Art Sri Lanka FB Group Link — https://www.facebook.com/groups/aiartsrilanka
හරි දැන් වැඩේ පටන් ගමු මුල ඉදන්ම.
🔴 කොහොමද MidJourney වැඩසටහනට යන්නේ?
පියවර 1: Discord ගිණුමක් සැදීම.
මේ වැඩසටහට යන්න නම් Discord කියන ක්ෂණික පණිවිඩ හුවමාරු කල හැකි සමාජ මාධ්‍ය (instant messaging social platform) එකේ ගිණුමක් ආරම්භ කල යුතුය. ඒ සදහා පහල ලින්ක් එකට යන්න.
මෙහි ඇති සියලු විස්තර පුරවා ගිණුම සදා ගන්න.
පියවර 2: MidJourney කියන Discord server එකට සම්බන්ද වීම.
Discord ඇතුලේ තියන එකෙක කාර්යන් සදහා වෙන් කරලා තියන ඒවාට කියන්නේ Discord server කියලා. IT කරන අයනම් දන්නවා හොදට මේක ගැන. MidJourney එකටත් Discord server එකක්. එකට සම්බන්ද වීමට පහල තියන invite ලින්ක් එකට යන්න.
එවිට පහල පෙන්නුම් කරන ආකාරයේ එකක් පෙන්වයි. එහි ඇති Accept Invite එක click කරන්න. (Discord social media එකේ login වෙලා ඉන්න ඕනේ.)
දැන් ඔබ MidJourney කියන වැඩසටහනෙන් AI චිත්‍ර ඇදගැනීමට අවශ්‍ය මුලික දේවල් කර අවසන්.
🔴 කොහොමද MidJourney එකෙන් AI චිත්‍ර ඇදගන්නේ?
සැලකිය යුතුයි: මේ සදහා පරිගණය මගින් පැමිණිය යුතුය. ජංගම දුරකතයෙන් කල නොහැක.
පියවර 1: MidJourney කියන Discord server එකට යන්න.
දැන් වම්පස තීරුවේ තමයි ඔයාගේ තියන සියලුම Discord server ටික පෙන්නනේ.එකේ උඩ පෙන්නලා තියන ෆොටෝ එක වගේ එකක් පෙන්නයි. එක click කරලා ඇතුලට යන්න. (පෙන්නේ නැත්නම් නැවත invite ලින්ක් එක මගින් සම්බන්ද වෙන්න.)
පියවර 2: AI චිත්‍ර ඇදගැනීම
AI චිත්‍ර ඇදගැනීම සදහා newcommer rooms වල තියන room එකකට යන්න ඕනේ. උඩ තියන ෆොටෝ එකේ පේනවා newbies-118, newbies-148, newbies-178 යන rooms. එකෙන් එකකට යන්න.
ඉන්පසු පහල තියන chat box එකේ / ලකුණ type කරන්න. එවිට උඩ තියනවා වගේ පෙනෙයි. දැන් එහි / ලකුණ සමග imagine කියලා ගහලා enter කරන්න. එවිට පහල තියන ආකාරයෙන් පෙනෙයි.
දැන් AI චිත්‍රය ඇදිය යුතු ආකාරය විස්තර ඇතිව type කරලා enter කරන්න. type කරන්න ඕනේ prompt කියන එකේ ඇතුලේ. පහල ෆොටෝ එක බලන්න. අදාල දේ විස්තර කරලා enter කෙරුවම් පසු ලැබිලා තියන දේත් පහල ෆොටෝ එකෙන් දැකගන්න පුළුවන්.
මෙහිදී AI චිත්‍රයක් නිර්මාණය වීමෙන් පසු ඊට පහලින් පහල ෆොටෝ එකේ ආකාරයට දැකගත හැක. එහි U කියන්නේ AI චිත්‍රය වැඩි දියුණු කරන්න (Upscale). V කියන්නේ වෙනස් ආකාරයේ එකක් ලබා ගන්න (Variation). 1,2,3,4 කියන්නේ එක පාරට AI චිත්‍ර 4ක් නිර්මාණය වෙන නිසා එකෙන් කොයි එකද තෝරා ගන්න. අදාල වන එකක් තේරීමෙන් නැවතත් අලුත් AI චිත්‍රයක් ලබා ගත හැක.
🔴 AI චිත්‍ර වල ගුණාත්මක භාවය වැඩි කරන්නේ කොහොමද?
මං හිතන්නේ මේක තමයි හුගක් අයට ඕන වන විස්තරය. උඩ තියන ෆොටෝ එකෙත් තියනවා විස්තර කිරීමට අමතර දේවල් ටිකක්.
අපේ AI චිත්‍රය ඇදිමට අවශ්‍ය විස්තරයට අමතරව ඒ චිත්රයේ සවභාවයද විස්තර කල යුතුය. එවිට වඩාත් ලස්සන AI චිත්‍රයක් ලබා ගත හැක. පහත සදහන් දේවල් ඇතුලත් කල හැක. එකිනෙකට අදාල විස්තර ඇතුලත් වන වෙබ් පිටුවට යන්න LINK එක ඊට ඉදිරියෙන් ඇත.
🎭 Themes —LINK
🖼 Design Styles — LINK
🖥 Digital — LINK
📔 Artists — LINK
🖌 Drawing and Art Mediums — LINK
🎨 Colors and Palettes — LINK
🧱 Materials — LINK
🎷 Objects and Animals — LINK
📦 Material Properties — LINK
💡 Lighting — LINK
🌈 SFX and Shaders — LINK
🌌 Dimensionality — LINK
📷 Camera, Film, and Lenses — LINK
🛤️ Perspective — LINK
🎬 TV Shows and Movies — LINK
💠 Geometry — LINK
♻ Structural Modification — LINK
➰ Intangibles — LINK
🎙 Song Lyrics — LINK
🎰 Combinations — LINK
🎛 Miscellaneous — LINK
🧪 Experimental — LINK
උදාහරණයකට Lighting link එකට ගිය පසු පහල ආකාරයට අදාල version එකට අදාලව light ජාති වල keywords ගත හැකිය.
දැන් අපි බලමු උදාහරණ කිහිපයක්. පහල තියන උදහරනවලට අදාල සම්පුර්ණ keywords සියල්ලම ඉහත සදහන් අදාල LINK වලට ගියපසු ලබා ගත හැක.
තවද පහත සදහන් දේවල් ඇතුලත්ව AI චිත්‍රය ඇදීමට අදාල වන විස්තරය සදා ගැනීමට මෙය බාවිතා කරන්න පුළුවන්. https://promptomania.com/midjourney-prompt-builder/
- Style — keywords
Style එකේ විදිය අනුව AI චිත්‍රය වෙනස් වේ.
චිත්‍ර ශිල්පියාගේ නම අනුව AI චිත්‍රය වෙනස් වේ.
/imagine horse galloping at sunset painting Andy Warhol style
Lighting එක අනුවද AI චිත්‍රය වෙනස් වේ.
2. output එක stylize කිරීමට
Setting එක add කරීමට — -s <some number> පහත උදාහරණය බලන්න. මෙහිදී අරන් තියෙන්නේ “firefighters” කියන විස්තරය AI චිත්‍රය ඇදීමට.
/imagine firefighters — -s 6000
3. chaos — abstraction එක අඩු වැඩි කිරීම
Abstraction එක අඩු වැඩි කිරීමට chaos එක බාවිතා කරන්න පුළුවන්. එහි අගය 0 සිට 100 දක්වා ලබාදිය හැක. (chaos කියන්නේ අවුල් ගතිය AI චිත්රයේ)
/imagine Eiffel tower — chaos 60
4. Resolution
මේ සදහා පහල තියන keywords බාවිතා කරන්න පුළුවන්. එකක් හෝ කිහිපයක්.
8K , 4K , photorealistic , ultra photoreal , ultra detailed, intricate details
තවද පහල ආකාරයටද බාවිතා කරන්න පුළුවන්.
/imagine red rose flower — hd
/imagine red rose flower — quality 5
5. Aspect ratio
MidJourney හි ඇදෙන AI චිත්‍රය කොටු හැඩයක් ගනී. (1:1 aspect ratio) එය වෙනස් කර ගත හැක. පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ wallpaper එක ලෙස සැකසිය හැක.
Aspect Ratio මගින්
/imagine jasmine in the wild flower — ar 4:3
Width සහ height එක මගින්
/imagine jasmine in the wild flower — w 600 — h 300
6. ෆොටෝ එකක් reference එකක් විදියට අරන් AI චිත්‍රය ඇදීමට
මෙහිදී ෆොටෝ එකට අදාල URL එක ලබා දිය යුතුය, උදාහරණයේ http://www.imgur.com/Im3424.jpg URL එක ලබා දී ඇත. — iw:4 ගැන දැනගැනීමට “7. Weights ලබාදීම” එක බලන්න.
/imagine http://www.imgur.com/Im3424.jpg box full of chocolates — iw:4
7. Weights ලබාදීම
Weights කියන්නේ බර කියල හැමෝම දන්නවා. මෙහිදීත් බර ලබා දිය හැක. මෙයින් කියවෙන්නේ ෆොටෝ එකේ කොච්චර ප්‍රමාණයක හෙවත් කොච්චර බරකට අදාල දේ ඇතුලත් විය යුතුද යන්න.
ඉහත උදාහරණයේ — iw:4 යොදා ඇත. ඒ කියන්නේ URL එකේ දීපු ෆොටෝ එකේ දේවල් AI චිත්‍රය ට කොච්චර බර වෙන්න ඕනේ ද කියල.
තවද පහත ආකාරයට :: බවිතා කර එකේක keywords වලට ලබා දිය හැක.
/imagine wild animals tiger::2 zebra::4 lions::1.5
9. අවශ්‍ය නැති දේවල් අයින් කරන්න.
ඒ සදහා — no බාවිතා කරන්න පුළුවන්.
/imagine KFC fried chicken — no sauce
10. තව වැදගත් keywords ටිකක්.
lens type හෝ camera type එක කියන්න.
Sony Alpha α7, ISO1900, Leica M
Details වැඩි කිරීමට සහ ඇත්ත වගේ පෙනුමක් ගැනීමට
photorealistic , ultra photoreal , ultra detailed, intricate details
🔴 ප්‍රශ්න සහ පිළිතුරු
Q: මේ මගින් නිර්මාණය කරන AI චිත්‍ර විකිනීමට ගන්න පුළුවන් ද?
A: මේ ලිපියේ හැටියට License එකක් ගන්න ඕනේ ඔය free MidJourney එක පාවිචි කරනවා නම්. https://midjourney.gitbook.io/docs/billing#commercial-terms
Q: කොච්චර AI චිත්‍ර නිර්මාණය කර ගන්න පුළුවන් ද free MidJourney එකේ?
A: මේ ලිපියට අදාලව නම් 25යි. https://midjourney.gitbook.io/docs/billing#plans
🔴උදාහරණ AI චිත්‍ර (keywords සමග)
පහත සදහන් ඒවා මා විදින් කරපු ඒවා නොවේ.
- පරිසරය සම්බන්ද AI චිත්‍ර
Prompt:
dead ground, shadow realm, old forest, dark sky background dead forest , D&D style, 8k, octane render, high resolution, view from far away, view from the top, high detail, magical, dark lighting, atmosphere, micro details, cinematic composition, fantasy landscape, dramatic, its a beautiful and sad horror landscape, cinematic lighting, volumetric lighting ar 3:2 — v 4 — q 2
Output:
Prompt:
detailed, realistic, 8k ultra hd hdr, society social media downfall, distractions, overworked underpaid, tired, exhausted society
Output:
2. Marketing සදහා AI චිත්‍ර (Social Media Marketing)
Prompt:
Cristiano Ronaldo , Ronaldo , High accuracy ,cinematographic ,High image quality , depth of field, color grading , professional color , full body , with the Portugal national team , realistic , TRUE , High accuracy , high resolution , Portugal , Portugal national team , color rate , Nice , advertisement , Social media , ads , The real face of Cristiano Ronaldo , Burger Award , Food delivery , delivery , delivery , Shawarma , Shawarma food , chicken shawarma ,professional color grading,High-sharpness,ultra high definition, 8k, 85-mm-lens, precise details — q 2 — v 4 — chaos 90
Output:
Prompt:
**orange, juice, bottle, green, grass, blue, sky, joyful, nature, realistic advertising, 8k, social media, — v 4
Output:
Prompt:
app UI design, social media, behance, dribbble:55 — v 4 — q 2
Output:
Prompt:
Social media post about graphic design, Adobe programs for design, Photoshop,Cinematic, Photoshoot, Shot on 25mm lens, Depth of Field, DOF, Tilt Blur, Shutter Speed 1/1000, F/22, White Balance, 32k, Super-Resolution, Megapixel, Pro Photo RGB, VR, Lonely, Good, Massive, Half rear Lighting, Backlight, Natural Lighting, Incandescent, Optical Fiber, Moody Lighting, Cinematic Lighting, Studio Lighting, Soft Lighting, Volumetric, Conte-Jour, Beautiful Lighting, Accent Lighting, Global Illumination, Screen Space Global Illumination, Ray Tracing Global Illumination, Optics, Scattering, Glowing, Shadows, Rough, Shimmering, Ray Tracing Reflections, Lumen Reflections, Screen Space Reflections, Diffraction Grading, Chromatic Aberration, GB Displacement, Scan Lines, Ray Traced, Ray Tracing Ambient Occlusion, Anti-Aliasing, FKAA, TXAA, RTX, SSAO, Shaders, OpenGL-Shaders, GLSL-Shaders, Post Processing, Post-Production, Cell Shading, Tone Mapping, CGI, VFX, SFX, insanely detailed and intricate, hyper maximalist, elegant, super detailed, photography, volumetric, ultra-detailed, intricate details, 8K, super detailed, ambient occlusion, volumetric lighting, high contrast, HDR — v 4 — stylize 1000 — s 1250 — v 4 — s 1250 — v 4 — s 1250 — v 4 — s 1250
Output:
Prompt:
apple, juice, bottle, green, grass, blue, sky, joyful, nature, realistic ads, 8k, social media, — v 4
Output:
Prompt:
Social media design for a coffee box with a cup of coffee and coffee beans scattered on the table with a window that lets light enter the coffee box
Output:
Prompt:
hight;resolution realistic 3d pizza food menu with realistic price list icon social media template instagram, 2:3 — v 4
Output:
Prompt:
hight;resolution realistic 3d burger food menu with price list social media template instagram, 2:3 — v 4
Output:
Prompt:
ramadan social media and instagram post,photoshop,hyperrealistic,Super-Resolution, Megapixel, HDR — v 4
Output:
Prompt:
Poster design on tea,social media design,creative,inventive,photoshop,hyperrealistic,8K, super detailed,HDR — v 4
Output:
3. පුද්ගලයන් සම්බන්ද AI චිත්‍ර
Prompt:
a black woman in chain with three babies unreal engine 5 + ultradetailed, Unreal Engine 5, Cinematic, portrait Photography, Ultra-Wide Angle, Depth of Field, hyper-detailed, insane details, intricate details, beautifully color graded, Unreal Engine, Cinematic, Photoshoot, Shot on 25mm lens, Depth of Field, DOF, Tilt Blur, Shutter Speed 1/1000, F/22, White Balance, 32k, Super-Resolution, Megapixel, Pro Photo RGB, VR, Lonely, Good, Massive, Half rear Lighting, Backlight, Natural Lighting, Incandescent, Optical Fiber, Moody Lighting, Cinematic Lighting, Studio Lighting, Soft Lighting, Volumetric, fire lightning, Screen Space Global Illumination, Ray Tracing Global Illumination, Optics, Scattering, Glowing, Shadows, Rough, Shimmering, Ray Tracing Reflections, Lumen Reflections, Screen Space Reflections, Diffraction Grading, Chromatic Aberration, GB Displacement, Scan Lines, Ray Traced, Ray Tracing Ambient Occlusion, Anti-Aliasing, FKAA, TXAA, RTX, SSAO, Shaders, OpenGL-Shaders, GLSL-Shaders, Post Processing, Post-Production, Cell Shading, Tone Mapping, CGI, VFX, SFX, insanely detailed and intricate, hyper maximalist, elegant, super detailed, dynamic pose, photography, volumetric, ultra-detailed, intricate details, 8K, super detailed, ambient occlusion, volumetric lighting, high contrast, HDR — v 4
Output:
Prompt:
Elf Man with wooden legs, augmentation, riding a furious dire gray wolf, wooden forest, dynamic pose, Ray Tracing, 8k, HD, cinematography, photorealistic, epic composition Unreal Engine, Cinematic, Color Grading, portrait Photography, Wide Angle, Depth of Field, hyper-detailed, beautifully color-coded, insane details, intricate details, beautifully color graded, Unreal Engine, Cinematic, Color Grading, Editorial Photography, Photography, Photoshoot, Depth of Field, DOF, Tilt Blur, White Balance, 32k, Super-Resolution, Megapixel, ProPhoto RGB, VR, Halfrear Lighting, Backlight, Natural Lighting, Incandescent, Optical Fiber, Moody Lighting, Cinematic Lighting, Studio Lighting, Soft Lighting, Volumetric, Contre-Jour, Beautiful Lighting, Accent Lighting, Global Illumination, Screen Space Global Illumination, Ray Tracing Global Illumination, Optics, Scattering, Glowing, Shadows, Rough, Shimmering, Ray Tracing Reflections, Lumen Reflections, Screen Space Reflections, Diffraction Grading, Chromatic Aberration, GB Displacement, Scan Lines, Ray Traced, Ray Tracing Ambient Occlusion, Anti-Aliasing, FKAA, TXAA, RTX, SSAO, Shaders, OpenGL-Shaders, GLSL-Shaders, Post Processing, Post-Production, Cel Shading, Tone Mapping, CGI, VFX, SFX, insanely detailed and intricate, hypermaximalist, elegant, hyper realistic, super detailed, dynamic pose, photography, 8k , 2.8 portrait — ar 2:3 — q 2 — v 4
Output:
Prompt:
African child with big head small body holding a dog in a chain unreal engine 5 + ultradetailed, Unreal Engine 5, Cinematic, portrait Photography, Ultra-Wide Angle, Depth of Field, hyper-detailed, insane details, intricate details, beautifully color graded, Unreal Engine, Cinematic, Photoshoot, Shot on 25mm lens, Depth of Field, DOF, Tilt Blur, Shutter Speed 1/1000, F/22, White Balance, 32k, Super-Resolution, Megapixel, Pro Photo RGB, VR, Lonely, Good, Massive, Half rear Lighting, Backlight, Natural Lighting, Incandescent, Optical Fiber, Moody Lighting, Cinematic Lighting, Studio Lighting, Soft Lighting, Volumetric, fire lightning, Screen Space Global Illumination, Ray Tracing Global Illumination, Optics, Scattering, Glowing, Shadows, Rough, Shimmering, Ray Tracing Reflections, Lumen Reflections, Screen Space Reflections, Diffraction Grading, Chromatic Aberration, GB Displacement, Scan Lines, Ray Traced, Ray Tracing Ambient Occlusion, Anti-Aliasing, FKAA, TXAA, RTX, SSAO, Shaders, OpenGL-Shaders, GLSL-Shaders, Post Processing, Post-Production, Cell Shading, Tone Mapping, CGI, VFX, SFX, insanely detailed and intricate, hyper maximalist, elegant, super detailed, dynamic pose, photography, volumetric, ultra-detailed, intricate details, 8K, super detailed, ambient occlusion, volumetric lighting, high contrast, HDR — v 4
Output:
Prompt:
Full shot side body portrait of “Maleficent”, sitting on a gothic throne, victorian dark medieval style background with crows and candles in fire, incredibly detailed, photographic, cinematic composition, depth of field, glowing, shadows, lumen reflection — ar 3:2 — v 4
Output:
Prompt:
frodo baggins and gandalf smoking pot inside starbucks, laughing, social media design,creative,inventive,photoshop,hyperrealistic,8K, super detailed,HDR — v 4
Output:
4. වෙනත් AI චිත්‍ර
Prompt:
diabetes,photoshop,Social Media,idea,Creative design,hyperrealistic,Cinematic,intricate details, 8K, super detailed,HDR — v 4
Output:
Prompt:
the first dish at the feast of life was prepared by nature incarnate herself. It’s a lovely, delicious primodial soup.
Output:
කැමති කෙනෙක් ඉන්නවා නම් මේ research paper එකත් කියවන්න.
The Creativity of Text-to-Image Generation JONAS OPPENLAENDER, University of Jyväskylä, Finland — https://arxiv.org/pdf/2206.02904.pdf
AI Art Sri Lanka FB Group Link — https://www.facebook.com/groups/aiartsrilanka
ඉහත සදහන් කරුණු වල වැරදි හෝ අඩුපාඩු ඇත්නම් නිවැරදි කිරීම සදහා 💬 comment කරන්න.
ඔබත් මේ ලිපියේ අදාල කරුණු වලට අමතරව දේවල් දන්නේ නම් 💬 comment කරන්න. එය ගැන සොයා බලා මෙම ලිපියට ඇතුලත් කරන්නම්.
© ️මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය ලේඛකයා සතුවේ.
